World

බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුට

බ්‍රසීලයේ Rio Grande do Sul ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුරෙන් 31කට වැඩි පිරිසක් මිය ගිය බව ප්‍රාන්ත ආණ්ඩුකාර Eduardo Leite ප්‍රකාශ කර තිබේ.

සුළි කුණාටුව සතියේ ඉතිරි කාලයෙදිත් කලාපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට සමාජ සංවර්ධන අමාත්‍යාංශය (MDS) සඳහන් කරන්නේ, දකුණු ප්‍රාන්ත දෙකේ අවම වශයෙන් මහ නගර සභා 50 කටවත් බලපෑම් එල්ල වී ඇති අතර Rio Grande do Sul හි Muçum නගරයෙන් 80% ක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.

එමෙන්ම ප්‍රාදේශීය සිවිල් ආරක්ෂක සේවය විසින් ජැකුයි ගඟ සහ ජැකුයි ඩෙල්ටා අවට ගංවතුර අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබේ.

Related posts

ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්ත තර්ජනයේ.. ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව කළහැකි සියළු දේ කරනවා – ප්‍රංශ ජනපති

colombotoday

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

පෝලන්තයට වැටුණු මිසයිලයෙන් ලොවම කැළඹෙයි – ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

Admin

ගජමිතුරු සංග්‍රහ චෝදනා… ජපාන ඇගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි…

colombotoday

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

භූතානයේ සිසුන් පිරිසක් රැගෙන යෑමට විශේෂ ගුවන් යානයක් කටුනායකට

colombotoday