Colombo Today Local News

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගොස් ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් මැතිසබේට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7)දින වනජීවී ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂනායකවරයා මෙසේද සඳහන් කළේය.

අලි ඇත්තු ලොකු ප්‍රමාණයක් පසුගිය මාස කීපයේදී හදිසියේ මිය ගිහිල්ලා තියෙනවා. ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒ ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වහාම දැනුම්දී ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න කියලා ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා.

Related posts

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ්

colombotoday

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

මෛත්‍රී නායකත්වයට ආවේ පස්ස දොරෙන්.. ඔහුව අධිකරණයට ගේනවා – මන්ත්‍රී සනත් නිශාන්ත

colombotoday