Colombo Today Local News

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාව” (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය පසු ගිය 4 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැති තුමාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

මෙහිදී මෙම උපාධි පාඨමාලාවට සහභාගී වීමට නියමිත ප්‍රථම පොලිස් නිළධාරීන් කණ්ඩායම ලියාපදිංචි කිරීමද සිදු කරන ලදී.

මෙම අධ්‍යාපනික ව්‍යාපෘතිය සඳහා උපාධි පාඨමාලාලාභීන් 150 දෙනෙකු සහභාගී වූ අතර ව්‍යාපෘතියේ අපේක්ෂාව වනුයේ වෘත්තීමය සහ ගුණාත්මක පොලිස් සේවාවක් ශ්‍රී ලාංකීය ජන සමාජය වෙත ලබා දීම සඳහා අවශ්‍ය මානව සම්පත නිසි සැලසුමකට අනුව සූදානම් කිරීමයි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යයේ ලේකම් වියානි ගුණතිලක මැතිතුමා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමා ඇතුළු ආචාර්ය වරුන් ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් රැසක් ද සහභාගී විය.

Related posts

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !

colombotoday

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

භූමිදානය කලොත් වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙනවා. |කොචිඩ් මළ සිරුරු ආදාහනය පමණයි. සෞඛ්‍ය ඇමතිනි කියයි.

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday