Colombo Today Local News

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

සරල බහුතරයකින් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේදී අද (05)දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දුන්නේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කළේය.

ඒ අනුව, එම තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන ප්‍රමාද කිරීම මඟින් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අස්ථාවර කිරීමට දේශපාලනික බලවේග කිහිපයක් ක්‍රියාත්මක වු බවය.

එහි එක් පියවරක් ලෙස දේශීය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පතට අදාළ ජුලි 14 වන දින ප්‍රකාශිත ගැසට් නිවේදනය සම්බන්ධව අධිකරණමය පියවර ගැනීමට පෙළඹුණු බව ද එම සටහනේ දැක්වේ.

ඒ අනුව, අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දීම තුළින් ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධව දේශීය හා විදේශීය විශ්වාසනීයභාවය තහවුරු වන අතර දුෂ්ඨ බලවේග දැරු උත්සහය ව්‍යාර්ථ වු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඔවුන්ගේ උත්සහය වුයේ ගොඩනැගෙන ආර්ථිකය හා රට දුර්වල කර පටු දේශපාලනික අරමුණු ඉටුකරගැනීම බවද ෂෙහාන් සේමසිංහ මහතා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

අර්බුදය විසදන්න මහින්දට යන්නේ විනාඩි 05 යි

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

Admin

බලයට පැමිණි ආණ්ඩුවට ඉඩ දෙන්න. උද්ඝෝෂණය නවත්වන්න – පැල්පොළ විපස්සි හිමි

colombotoday

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

colombotoday