Colombo Today Local News

කෙසෙල් කැනක් සොරකම් කර පලා යමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

පාදුක්ක ලියන්වල ප්‍රදේශයේදී දියේ ගිලීමෙන්ස 21හැවිරිදි වියේ පසුවූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන්ව තිබේ.

හල්කඳවත්ත ප්‍රදේශයේ ඉඩමකින් කෙසෙල් කැනක් කපා සොරකම් කර පළායමින් සිටි තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත.

එහිදී ගම්වාසීන් මෙම තිදෙනා පසුපස හඹා යාමේදී දෙදෙනකු හල්කදවත්ත ප්‍රදේශය හරහා ගලා බසින පුස්ඇලි ඔයට පැන පිහිනා යාමට උත්සාහ කර ඇති බව වාර්තාවෙයි.

ඒ වනවිටත් ඔයේ ජල මට්ටම වැඩිවී තිබීම හේතුවෙන් ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

ප්‍රදේශවාසීන් විසින් එහිදී අනෙක් පුද්ගලයින් දෙදෙනා අල්ලා පොලීසියට භාරදී ඇත.

එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට ඔවුන් විසින් මෙලෙස කෙසෙල් කැනක් සොරකම් කර ඇති බවය.

පොලිස් නාවික කොට්ඨාශය විසින් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කළ ද මේ දක්වා අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගැනීමට නොහැකිව තිබේ.

මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

colombotoday

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Admin

රාජ්‍ය ව්‍යවසායන්හි කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමේ පුවරුවක්

Admin

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි. මීගමුව ප්‍රදේශයේ ජා -ඇළ හා කඳානටත් ඇඳිරිනීතිය

colombotoday