Colombo Today Local News

කෝටි 12ක රන් තොගයක් රේගුවේදී අල්ලයි

රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගය ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සමඟ අද(27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් පිරිසකි.

ඔවුන් සිය සිරුරු වල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday

“අපි වෙනුවෙන් අපේ එවුනුත් නැහැ” ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් මහින්ද සළකුණ නිවී යන ලකුණු

colombotoday

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday