Colombo Today Local News

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් හෙට ( 28) සහ 29 දෙදින ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වේ.

මෙම සමුළුව සඳහා ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වනු ඇත. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

“බර්ලින් ග්ලෝබල්” සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.

Related posts

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

“ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් වෙනුවෙන් කැෆේ කිර්ති කඩේ යයි

colombotoday

ටිපර් රථයට යට වුණු තවත් පොලිස් නිළධාරියෙක් මිය යයි

colombotoday

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday

ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයි

colombotoday