Colombo Today Local News

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුදල් ‍සේප්පුව යතුරෙන්ම විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.

ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නැගෙනහිර පැත්තේ ඇතුලත් වන ‍වීදුරු සවිකර ඇති දොර කඩා කාර්යාලයට ඇතුල් වී ගණකාධිකාරි (සරප්) අංශයේද ජනෙල් කඩා ගෙන එම අංශයට ඇතුල් වී සේප්පුව අදාල යතුරෙන්ම සේප්පුව විවෘත කර සේප්පුවේ තිබූ රාජ්‍ය මුදල් රැගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමානය කොතෙක්ද කියා තවමත් ගනනය කර නොමැති අතර රුපියල් ලක්ෂ 12 හෝ 15 ක් විය හැකි බවට අනුමාන කරන බවද කාර්යාල නිළධාරිහු පවසති.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ටැබ් පරිගනක යන්ත්‍රයක් රැගෙන යෑමට ගෙන එය දමා ගොස් ඇති බවද පොලීසිය පවසයි.

ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ ආරක්ෂාව සඳහා එක් ආරක්ෂක නිළධාරීයෙක් පමනක් රාජකාරියේ යොදවා තිබූ බවද පොලීසිය කියයි.

Related posts

පාස්කු ඝාතකයන්ට සහය දුන් ජවිපෙ ඊබ්‍රහිම් යළි රිමාන්ඩ්…

colombotoday

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනය නවතයි

colombotoday

රන්ජන්-හදුන්නෙත්ති හඩ පට ලීක්… ජවිපෙ සළුපට අහසට !

colombotoday

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday

අගමැති තිරුපති දෙවියන් පුදන්න යයි…

colombotoday