බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබේ.
ඊයේ (25) පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය පවසන්නේ, ගින්නෙන් ලැයින් කාමරවල සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇති බවයි.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරයි.
ගින්නෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැත.