Colombo Today Local News

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත්ව තිබේ.

ඊයේ (20) රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 27 සහ 36 යන වයස්වල පසුවන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ ටී56 වර්ගයේ ගිනි අවියකි.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

තොග වශයෙන් කේරළ ගංජා බෙදු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අල්ලයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

STF සහ පාතාලය අතර වෙඩි හුවමාරුවක්… පාතාල ලොක්කෝ දෙදෙනෙක් එළොව යති…

colombotoday

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

කොරෝනා මෘතදේහ භූමිදානය ගැන කැබිනට් එක තීන්දුවක් ගත්තේ නෑ. | අනවශ්‍ය ආන්දෝලන ඇති කලේ අධිකරණ ඇමති අලි සබ්‍රි

colombotoday