Colombo Today Local News

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

වංචා සහගත මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදු කරන ලද පරික්ෂණ අනුව ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියළුම පිංකැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇතැයි නවගමුව ශ්‍රි සුගතබිම්බාරාම රාජමහා විහාරය සහ ඓතිහාසික නවගමුව පත්තිනි දේවාලයේ දායක සභාවේ සම උප සභාපති චන්ද්‍රසේන පලිහේන මහතා පවසයි.

විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තැබු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ බවද ඒ මහතා පවසයි.

මෙම සිද්ධස්ථානය වෙත ලැබෙන පඩුරු මුදල් කලක සිට විශාල වශයෙන් අවභාවිතා සිදුවන බවට සහ දේවාලය⁣ට පුජා කෙරෙන රන් ආභරණ ආදිය නිසි ලෙස ලැයිස්තු ගත නොවී විකුණා මුදල් වංචා කරන බවට කලක සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටටම ලද පැමිණිලි මතමේ පිළිබදව විමර්ශනය කිරීමෙන් පසු පිං කැට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති බවද පලිහේන මහතා සඳහන් කරයි.

Related posts

හැටන් අනතුරට හේතුව හෙළිවේ

Admin

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

LIOC සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට අවසර

colombotoday

“රනිල් වහා අගමැති කළ යුතුයි… ජනපතිට දෝෂාභියෝගයක්“ – ජවිපෙ නිල මතය කියයි

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

colombotoday