Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි බවත් එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධික්ෂණය යටතේ පරිශීලනය කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බවත් ජනාධිපති ලේකම්වරයා කතානායකවරයාට ලිපියකින් නැවත වරක් දැනුම්දී ඇත.

ජනාධිපති ලේකම්වරයා පසුගිය 12දා තමන් එවූ ලිපියකින් මේ බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21)දින පැවසීය.

අදාල සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇතැයිද කතානායකවරයා කීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලිපි ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරයවෙමින් පවතින බව මහින්ද යාපා අබේවර්ධන මහතා කීය.

එම සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂිද ඇතුළත්ව 2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් (Read Only) සකස් කරන ලද සංයුක්ත තැටි (Compact Disks) 06ක් බාරදෙන ලද අතර එහි ඇතුළත් 2-II හා 2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක් මේ අනුව අවස්ථාව සලසාදී ඇතැයිද කතානායකවරයා ප්‍රකාශ කළේය.

Related posts

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday

ක්‍රීඩා ඇමති ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි

Admin

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

අන්තවාදය මැඩලන යෝජනා අටක් සමග මාතර විහාරාධිපති හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….

colombotoday

වාර්තාගත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් බොදු බල සේනා චීවර පුජාව රුවන්වැලි මහ සෑ මළුවේදී සිදු කෙරේ. Photos

colombotoday