Colombo Today Sports News

දිලිත් ජනපති සටනට – සමාගම් කීපයක අධ්‍යක්ෂ ධූර වලිනුත් ඉවත් වෙයි

ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සමාගම් කීපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ.

ඉදිරි කාල සීමාව තුළ සක්‍රිය දේශපාලනයට පිවිසීම වෙනුවෙන් ඔහු සැලසුම් සකස් කර ඇති බවද ජනාධිපතිවරණය ඉලක්කර සියළු සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම තොරතුරු අනාවරණ කළා.

දිලීත් ජයවීර මහතා මේ වන විට මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙසද පත්කර තිබෙනවා. එම පක්‍ෂය අයත් වන්නේ හිටපු අමාත්‍යවරයෙකු හා ආණ්ඩුකාරවරයෙකුද වන හේමකුමාර නානායක්කාර මහතාටයි. නානායක්කාර මහතා ජ්‍යෙෂ්ඨ නායකත්වය උසුලමින් එම පක්‍ෂය තුළ තවදුරටත් කටයුතු කරනු ලබනවා.

Related posts

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

ශ්‍රී ලංකාව, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 12 ට

colombotoday

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

colombotoday