නඳුන් චින්තක හෙවක් හරක්කටා අත්අඩංගුවේ සිටියදී පළා යාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඒකාබද්ධව විමර්ශනය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
හරක්කටා නැමැත්තා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.