Colombo Today Local News

දිවයිනේ සියලු ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලයි

දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් ඇතුලත තමාට ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩිනම් පියවර ගන්නා බව ද රත්නායක මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ, දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධව අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (18)දින පැවති සාකච්ඡාවේදීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ජලාශ, වේලි හා එම ජලාශවලින් ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමානයේ පවතින තාක්ෂණික ආරක්ෂිත තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

Related posts

ඥානසාර හිමි නිදහස් කරන්න සියලුම මහ නාහිමිවරු ජනපතිට දන්වති

colombotoday

ගිලෙන නැවේ මීයෝ වගේ එකා දෙන්නා රනිල්ව දාලා යනවා… “බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩි…” – මුසම්මිල්

colombotoday

ජනපති අද කඩුව වනයි.. එජාපය සියළු ආසන සංවිධායකවරුන් කොළඹට කැදවයි..!

colombotoday

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

බේරුවල පුද්ගලයාගෙන් 16 දෙනෙකුට කොරෝනා බෝ වෙලා

colombotoday