Colombo Today Local News

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් ඊයේ (17)දින සියදිවි නසාගෙන තිබේ.

කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 22 හැවිරිදි වසන්තකුමාර් ඩිලක්සියා නමැති තරුණියකි.

එම තරුණිය ගෙල වැලලාගෙන සිටි අවස්ථාවේ ඇයගේ සහෝදරයා දැක වහාම ඇයව කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කළ අවස්ථාව වන විටිත් ඇය මියගොස් සිට ඇති බව පැවසේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම මැතිවරණ රංගනයක්…

colombotoday

“මා කියූ අනාවැකි එලෙසම සිදුවනවා නියතයි“ – ලෝකෙම නෑ කියද්දී ට්‍රම්ප් දිනනවා කී විජිත රෝහණ කියයි

colombotoday

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

colombotoday

මැ.කෝ ගේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Admin

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin

නාමල් එළියට… බැසිල් ඇතුළට !

colombotoday