Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය 21, 22

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන (21) බ්‍රහස්පතින්දා සහ ලබන 22 සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව හෙට (19)දිනයේ සිට ලබන 22 දක්වා රැස්වීමට නියමිතය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග හෙට (19)දින විවාදයට ගැනීමට නියමිතය.

ඉන්පසු සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ අංක 2346/02 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග අනිද්දා (20)දින විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඉන්පසු ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තබන අවස්ථාවේ යෝජනාව සවස 5.00 සිට 5.30 දක්වා විවාදයට ගැනේ.

Related posts

උතුරෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් ගැන විමල්ගෙන්, දිනේෂ්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි !

colombotoday

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin

හිටපු ජනපති මහින්දගේ රුවත් ගාලු මැයි රැළියේ

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

colombotoday

ඊනියා මාධ්‍යවේදීන්ට එන්ජීඕකාරයන් ලොකු වුණාට ජාතිය රකින ඥානසාර හිමියන්ව රටට වටිනවා

colombotoday