රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදි ඉකුත් (10) පස්වරුවේ නදුන් චින්තක නොහොත් හරක් කටා ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සහ කළ බව කියන සිද්ධියෙන් අනතුරු හරක් කටාගේ ආරක්ෂාව තරකර ඇති බව වාර්තා වේ.
විශේෂ කාර්ය බළකායේ 10කට ආසන්න කණ්ඩායමක් ආරක්ෂාව සදහා අනුයුක්ත කර ඇති බවද වාර්තා වේ.