Colombo Today Local News

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවා.

සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් නේපාලයේ කත්මණ්ඩු සිට කටුනායක දක්වා පැමිණ ඇති බව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම ගමන් බලපත්‍රයේ ‘සේනාධීරගේ කරුණාරත්න’ යන නම සටහන්ව තිබී ඇති අතර ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින් දිගින් දිගටම සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තමන් ගණේමුල්ලේ සංජීව බව පවසා ඇති බව හෙළිවී තිබෙනවා.

Related posts

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

දූෂණය පගාව නතර කලාම ආයතන ලාබ ලබනවා

Admin

වැසි නැති දවසක්

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday