Colombo Today Local News

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතව සිටින කාලය තුළ ඔහුගේ යටතේ තිබූ අමාත්‍යාංශ 4ක රාජකාරි සිදුකිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බවය.

ඊට අමතරව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙසත් පත්කර තිබේ.

Related posts

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

Admin

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

Admin

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday