ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3ට පැවැත්වීමට නියමිතය.
ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවය.
ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කිරීමට සමත්විය.
ඒ අනුව ශ්‍රී ලංකා පිල අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.
ශ්‍රී ලංකා පිලට අද තරගය ජය ගතහොත් ඔවුන් මෙවර ආසිායනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.