Colombo Today Local News

කෙහෙළියට විශ්වාසභංගය ගෙනා සජබ දැන් පස්ස ගහයි

සමගි ජන බලවේගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) බ්‍රහස්පතින්දා විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පක්ෂය ඊයේ (8) දන්වා ඇතත් යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන බලවේගය ඊට එකඟවී නැතැයි වාර්තා වේ.

මීට පෙර තීරණය කළ කටයුතු රැසක් පවතින හෙයින් ඒවාට ඉදිරි සති දෙකක කාලය වෙන් කිරීමට සිදුවන බව එහි දී සමගි ජන බලවේගයේ නායකයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනාව මේ සතියේදී විවාදයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාද ඉල්ලීමක් කර ඇති හෙයින් විවාදය මේ සතියේදී පැවැත්විය හැකි බව ආණ්ඩුවේ නායකයන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය තවදුරටත් පසුවට කල් යනු ඇත.

විශ්වාසභංග යෝජනාවට පෙර වතුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධ විවාදයක්ද ක්‍රිකට් සම්බන්ධ විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබෙන බව විපක්ෂයේ නායකයන් මෙහිදී දැනුම්දී ඇත.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී එල් පීරිස්, සාගර කාරියවසම්,එම්.ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වි තිබේ.

Related posts

රවි කරුණානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් නොදී සිටීමට හේතුවක් නෑ – නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

ඔබට සතියකට හිමිවන තෙල් ප්‍රමාණය දැනගන්නේ මෙහෙමයි

colombotoday

බැසිල් පාර්ලිමේන්තු ගේන්නේ උත්සව ශ්‍රීයෙන් | ලියුමට පසු සාගර කාරියවසම් මාධ්‍යය හමුවකට

colombotoday

තරුණියට වයස 17යි තරුණයාට 21යි යුවලම අයිස් එක්ක මාට්ටු

Admin

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin