Colombo Today Local News

බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත අදාළ උපදෙස් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊයේ (07) පස්වරුවේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටි බවට සැක කෙරෙන ජීප් රථයක සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් වෑන් රථයකින් පැමිණි සුරාබදු නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

අනතුරුව වාහන දෙකම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයේ දී සුරාබදු නිලධාරීන් ගමන් කළ වෑන් රථය පොලිසිය භාරයට ගැනුණි.

එමෙන්ම එහි සිටි සුරාබදු නිලධාරීන් සිව් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ ජිප් රථය වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් වැල්ලවත්ත ප්‍රදේශයේ නවතා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් අද(8)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

colombotoday

පශ්චාත් මැතිවරණ සමය සාමකාමි බව කැෆේ සංවිධානය කියයි

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

ධීවරයින්ගේ භූමිතෙල් සහනාධාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

colombotoday

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin