Colombo Today Local News

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලිබලය සැපයීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ යෝජනා කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ විශේෂ හමුවක් අද (7) පෙරවරුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී එළඹි යෝජනා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නියමිත බවත් එම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරු සහ විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සාකච්ඡා කර තිබේ.

Related posts

සද්දේ දාල තෙල් අරගෙන තුන්ගුණයක් වැඩි මිලට වික්ක පා පැදියක් පමණක් ඇති පුද්ගලයකු අල්ලයි

colombotoday

දේපොළවලට හානි කිරීමෙන් වළකින්න – ආරක්ෂක ලේකම් ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

ගංවතුරෙන් මියගිය ගණන 300 වැඩියි… අපේ පෙර සූදානම නොවෙන්න 1000කට වඩා මිය යනවා

colombotoday

නෙළුම් කුලුන ණයෙන් කන්දක් වෙයි. මේ දක්වා කිසිදු ආදායමක් ලැබී නෑ. | විගණකාධිපති වාර්තාවෙන් හෙළිවේ.

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday