තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 අද (23) අලුයම දිවයිනට රැගෙන එනු ලැබී ය.
එම එන්නත් තොගය බෙල්ජියමේ සිට මෙරටට රැගෙන ආ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා සඳහන් කරයි.
මේ අතර හෙට දිනයේ තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ද, ලබන 27 වැනිදා සයිනෝෆාම් මාත්‍රා මිලියන 2 ක් ද දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.