Colombo Today Local News

ත්‍රිවිධ හමුදා අවි ගබඩා අනුරාධපුර, ඔයාමඩුවට.. ඇමති මණ්ඩල අනුමැතිය හිමිවේ

විවිධ ස්ථානවල ගබඩා කර ඇති, ත්‍රිවිධ හමුදාවට අයත් පුපුරණ ද්‍රව්‍ය සහ බර අවි ගබඩා කිරීම සදහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විධිමත් ගබඩා සංකීර්ණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුවේ ඉදිකිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

උතුරු නැගෙනහිර හමුදා මෙහෙයුම් පැවති කාලය තුළ ක්‍රියාන්විත කටයුතු සදහා භාවිතා කරන ලද පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්ථානවල තාවකාලිකව ගබඩා කරන ලද අතර, ඒවා නිසි පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගබඩා කිරීම සදහා විධිමත් ගබඩා සංකීර්ණයක් ජනාකීර්ණ නොවූ පෙදෙසක ඉදිකිරීමට 2011 වර්ෂයේදීද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිදා ශාලාව කදවුරේ පවත්වාගෙන ගිය යුද හමුදා මධ්‍යම උණ්ඩ ගබඩාව පිපිරී විනාශවීමත් සමග නැවත වරත් අවි ගබඩා කිරීම සම්බන්ධයෙන් කතා බහට ලක්විය.

Related posts

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

colombotoday

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයි

colombotoday

කෘතිම රා නිපදවූ මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

ගිය වසර 2 1/2 ට රජයේ ණය බර බිලියන 2773 කින් ඉහළට !

colombotoday

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday