ගෝනගං ආර, 15 කණුව ප්රදේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය කියයි.
මෙසේ මියගෙස් ඇත්තේ ගෝනගං ආර රජමාවත බුත්තල ලිපිනයේ පදිංචි විරපුර ගෙදර සුනෙත්රානම් 63 හැවිරිදි එක්දරු මවකි.
ඇය සවස කුඹුරේ ගොයම් කපමින් සිටින අයුරුද අවට ප්රදේශවාසින් දැක ඇති අතර පසුව වන අලියෙකු පහරදිමෙන් මියගොස් ඇති අයුරු දැක පොලිසියට හා වනජිවි කාර්යාලයට දැනුම්දී ඇත.
පිටුපසින් පැමිණී අලියා ඇයට පහරදි අඩි 10-15ක් ඈතට විසිකර ඇති අතර ඇයගේ ශරිරයට දැඩි හානි සිදුවි තිබේ.