Colombo Today Local News

වෙඩික්කරුවෙක් රටින් පැන යද්දි යළි ගෙන්න ගනී

බත්තරමුල්ල දකුණු තලංගම කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පලා ගිය සැකකරුවෙකු නැවත ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

ඉකුත් 25 වන දින යතුරු පැදියකින් ගොස් පොලී මුදල් ලබා දෙන්නෙකු වන ජානක පුෂ්පකුමාර නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පලා යන බව ලැබුණු තොරතුරක් මත ගුවන් යානය පිටව යන අවස්ථාවේදීම සැකකරුට විදෙස් ගමන් තහනමක් ලබා ගෙන සිංගප්පූරුවට ගොඩ බැස සිටියදී යළි ආපසු හරවා එවා ලංකාවට පැමිණි පසු ගුවන් තොටුපලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවද අතුරැගිරිය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරැගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

“උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නෙ නෑ“ – විග්නේෂ්වරන්ගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

colombotoday

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday