Colombo Today Local News

ලොව පළමු වරට පිළිකා මඩින්න එන්නතක්

පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සූදානම් වෙයි.

එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති.

එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා “atezolizumab” ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට නියමිතය.

එහිදී අදාළ ඖෂධය එන්නතක් ලෙස ලබාදීමට නියමිත අතර එමඟින් රෝගියෙක් වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් වෙන්කරනු ලබන කාලයද සැලකිය යුතු ලෙස අඩුවෙතැයි සඳහන් ය.

එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය පැවසුවේ සාමාන්‍යයෙන් “atezolizumab” පිළිකා රෝගීන්ගේ නහරයකට කෙළින්ම ලබාදෙන බවත් සමහර අවස්ථාවල නහරයක් සොයාගැනීම අපහසු වුවහොත් එම ඖෂධය ලබාදීම සඳහා විනාඩි 30ත් පැයත් අතර කාලයක් ගතවන බවත් ය.

මෙම එන්නත නිපදවූ Roche සමාගමේ නිලධාරියෙක් සඳහන් කරන්නේ, නව ක්‍රමවේදය යටතේ ඖෂධය ලබාදීමට ගතවන්නේ විනාඩි 7ක් පමණක් බවය.

වාර්ෂිකව “atezolizumab” ප්‍රතිකාරය සඳහා යොමුකෙරෙන පිළිකා රෝගීන් 3,600ක් පමණ දෙනා අතුරින් බහුතරයකට අදාළ එන්නත සඳහා යොමුවීමට හැකිවෙතැයි එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කරයි.

Related posts

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

colombotoday

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

colombotoday

බදු වැඩිවීම ස්ථීරයි.. විදුලියට, ජලයට අදාළ නොවෙයි.. පුද්ගලික සෞඛ්‍ය, විදුලි සංදේශ සේවාවලට අදාල වෙයි !

colombotoday

මංගල ඉරාජ් ගැටෙයි : ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි – මංගල කියයි

colombotoday

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

colombotoday