Colombo Today Local News

වැඩි නැති ප්‍රදේශවල පශු වෛද්‍යවරුන් වැඩ ඇති ප්‍රදේශ වලට යවයි

අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට මාරු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව පශු වෛද්‍යවරුන්ගේ සංගමය.

දැඩි අවශ්‍යතාවක් නොමැති ප්‍රදේශවලට පවා පශු වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම මගින් අවශ්‍යතා පවතින ප්‍රදේශවලට ඔවුන්ගේ සේවාවන් ලබා ගැනීම අපහසු වී ඇතැයි එම සංගමය පෙන්වා දී ඇත.

බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව අවශ්‍ය නොවන බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් එවැනි ප්‍රදේශවල සිටින පශු වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය ප්‍රදේශවලට යොමු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Related posts

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

colombotoday

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට එයි

Admin

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday

අසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්

colombotoday