Colombo Today Local News

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව, 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා තිබේ.

එහෙත්, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළැඹීම එකී ප්‍රතිව්‍යූහගතකරණය ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇති බැවින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වන තෙක් බාධාවකින් තොරව එල්පී ගෑස් සපයා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

colombotoday

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

තණමල්විල පුද්ගල ඝාතනයක්

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin