Colombo Today Local News

කඩුවෙල ලඳු කැලෑවකින් පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් හමු වෙයි

කඩුවෙල වැවපාර ලඳු කැලෑවක් තුළ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් කඩුවෙල පොලීසිය විසින් සොයාගෙන ඇත.

මළ සිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ බවට සැක සිතිය හැකි යැයි පොලීසිය කියයි.

මළ සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ හැකි සලකුණු ද දක්නට ඇති බව පොලීසිය සඳහන් කරයි.

මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්වීමට නියමිතය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කඩුවෙල පොලීසිය මඟින් මෙහෙයවනු ලබයි.

Related posts

“මහ බැංකුව මැදිහත්වී කඩදාසි හිඟය මගහැරවීමට කටයුතු කරනවා”

colombotoday

අනුරට කරගන්න බැරුව දාල ගියාට පස්සේ අපි බාර ගන්නවා

Admin

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට රාජිත සේනාරත්න ?

colombotoday

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

colombotoday