Colombo Today Local News

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් පසු කාන්තාවක් මියගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සිද්ධියෙන් මියගොස් තිබුණේ ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.

අධික රුධිර පීඩනය වෙනුවෙන් භාවිතා කරන ඖෂධයක් ලබා ගැනීමෙන් අනතුරුවයි ඇය මියගොස් ඇත.

එය පානය කිරීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් ඇය ඉංගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව හොරණ මූලික රෝහලට ඇය මාරු කර යවා ඇති අතර ඉන් අනතුරුව ඇය මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

මැකො ටත් ආතතිය හැදෙයි… ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

ඤාණසාර හිමිට අද ඇප නොලැබෙයි… ඇපෑල සලකා බැලීම කල් යයි…

colombotoday

ඩඩ්ලි සිරිසේන රටින් පිටවෙයි

Admin

රාජිත කියන්නේ නැව් ගිලපු හොරෙක්.. තවත් එජාප ඇමතිලා තොගයක් බැදුම්කර පෝලිමේ…

colombotoday

දින කිහිපයකට පෙර මිය ගිය කතකගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday