Colombo Today Local News

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21)රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සළසා ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

ඒ සඳහා රාජ්‍ය නිලධාරින් 600ක් පමණ යොදවා ඇති බව නාගරික කොමසාරිස්වරයා සඳහන් කරයි.

බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු පවසයි.

මේ අතර, මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ද ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන්නේ, පෙරහැර කාලසීමාව තුළ බස් රථ 350ක් පමණ ධාවනයට එක්කරන බවයි.

Related posts

හිරුණිකාට බරපතළ වැඩ සහිතව වසර 3ක සිර දඬුවම්

Admin

හකීම්ට එරෙහිව පැමිණිලි කල මිෆ්ලාල් මවුලවි බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අන්තවාදී අදහස් රැසක්

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අසමත් – නීතිඥ සංගමය

colombotoday

සන්නස්ගල විකිනෙයි – දේශපාලකයෙක් හෙළිකරයි.

colombotoday

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday