Colombo Today Local News

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

උපාධිධාරීන් 5,450ක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නමයට අදාළ ව මෙම ගුරුවරුන් බඳවා ගැනෙන අතර පළාත් මගින් එම බඳවාගැනීම් ඉදිරියේ දී සිදු කිරීමට නියමිතය.

ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ යෝජනාව ද සංකල්ප පත්‍රිකාවක් වශයෙන් ඉදිරිපත් කර ඇති අතර 2024 වර්ෂයේදීත් පාසල් නිල ඇඳුම් හා පෙළපොත් නියමිත දිනයන්හි දී සිසුන් අත‍ට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකියි. | විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

colombotoday

අගමැති අල්ලස් ලොක්කීගේ පඩිය වැඩිකරයි.. පරන තනතුරටත් අදාලව දීමනා ඩබල් වෙයි

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වයන්ට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

colombotoday

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලිස් නුවරදී ජනතා විරෝධයක්

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin