Colombo Today Local News

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බව අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක වන්නේ නැහැ.

අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිඟව පවතින පාසල්වලට අනියුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ලක් කර මෙම තීරණය ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.

Related posts

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

අවසන් සටනේදී පැනගිය කොටි නායකයෝ ලංකාවට.. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අගවයි

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

බදියුදීන් මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ බලය මුස්ලිම් අමාත්‍යාංශයකට ඉල්ලයි !

colombotoday

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

යුද හමුදා ඇදුමට සමාන තවත් ඇදුම් තොගයක් ග්‍රෑන්පාස් වෙළදසැලක සගවා තිබියදී සොයාගනී…

colombotoday