Colombo Today Local News

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා යොදා ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කරන්නේ, මේ වනවිට තම කණ්ඩායම් හානිවූ කුඹුරු ඉඩම්වල මූලික පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.

විනාශ වූ බව පවසා කුඹුරුවලට ගිනි තැබූ කිසිදු පුද්ගලයෙකුට රක්ෂණ වන්දි ලබා නොදෙන බවද පණ්ඩුක වීරසිංහ මහතා කියා සිටි.

වියළි කාලගුණයෙන් හානියට පත් වූ වී ඇතුළු බෝග වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ගෙවන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

භූමිදානය කලොත් වෛරස ජලයට එකතුවීමට හැකියාවක් තිබෙනවා. |කොචිඩ් මළ සිරුරු ආදාහනය පමණයි. සෞඛ්‍ය ඇමතිනි කියයි.

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !

colombotoday

විශේෂ ඇඳුමකින් රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday

කසල කළමනාකරණය අධ්‍යනයට ලොක්කො රට සවාරියේ.. රටේ ඉහළම තැනත් කුණු ගදින් පිරේ (Photo)

colombotoday