Colombo Today Local News

ආණ්ඩුව වැඩ කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි – ඇමති මනුෂ නානායක්කාර කියයි

මූල්‍ය විනයක් නොතිබූ රටක් මේ වන විට මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

එමෙන්ම ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නොවන බව අද (18)දින ගාල්ල තලාපිටිය මුස්ලිම් පල්ලියේදී පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ, හොරකම් කිරීමට නොහැකි වන පරිදි දූෂණ විරෝධී පනත ගෙන ඒම සඳහා නීති ශක්තිමත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක මැතිවරණය සහ දේශපාලනය ගැන නොසිතා රටේ ආර්ථිකය ගැන ක්‍රියා කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday

ස්විස් තානාපති කාර්යාල සිද්ධියේ පරික්ෂණ වාර්තා අද අධිකරණයට

colombotoday

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

ප්‍රභාකරන් එදා ඉල්ලූ දෙයම ඉල්ලන විග්නේෂ්වරන්ගේ “එලුග තමිල්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය

colombotoday