Colombo Today Local News

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා නොවෙනස්ව, පෙර පැවති පරිදි ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පුද්ගලයන් 647,683ක් සඳහා අදාළ මුදල් ලබා දීමට මේ වනවිටත් ප්‍රතිපාදන වෙන් කර ඇති බව පැවසේ.

ඉදිරි දින කිහිපය තුළ මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතය. ඒ අනුව පුද්ගලයන් 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාව ද, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව ද, 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාව ද ලබා දීමට නියමිතව තිබේ.

මේ අතර, වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගත හැකියි.

Related posts

රුසියාවට කොළේ වහන්න ගිහින්, කොළේ ඉරාගෙන ඇගේ හලාගත් හැටි !

colombotoday

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

colombotoday

ඇවන්ගාඩ් අවි නාවික හමුදා බාරයට ගන්නවා – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday

පලාලියේ තවත් අක්කර 454ක් මුදාහරී.. ජනපති අතින් අද සිවිල් වැසියන්ට දෙයි

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday