Colombo Today Local News

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (15) උදෑසන හික්කඩුව පොලිස් වසමේ පන්නම්ගොඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ දී එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පුහුණු රාජකාරියේ යෙදී සිටි නාවික සෙබළුන් කිහිපදෙනක් අතරින් එක් සෙබළෙක් දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වූ කටුවන, දොඩන්දූව ප්‍රදේශයේ තරුණයෙකි.

හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday

රාජිත මාධ්‍යයට ගෙනා සුදු වෑන් රියදුරන් අද අධිකරණයට

colombotoday

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

Admin

ගෝඨාභයගේ නගර පිරිසිදු කිරීමෙන් කොළඹ 07 සිටි බල්ලන් අතුරුදන්කරලා… අපි විරෝධය දක්වනවා – පෙරටුගාමීන්

colombotoday

කොස්ගම ඛේදවාචකය ගැන හිටපු ආරක්ෂක නිසි බලධරයා කතා කරයි

colombotoday