බලන හා ඉහළ කෝට්ටේ අතරදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.
අද අලුයම ගස කඩා වැටී ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් නුවර සිට කොළඹ බලා ධාවනට වීමට නියමිත දුම්රිය 4ක් හා කොළඹ හා පොල්ගහවෙලින් නුවරට ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් ප්‍රමාද විය හැකි බව ඔහු පවසයි.
ගස ඉවත් කිරීමට මේ වනවිට කණ්ඩායම් යොමු කර ඇත.