Colombo Today Local News

ව්‍යාජ නෝට්ටු සමඟ කතක් සහ තරුණයෙක් අල්ලයි

ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද(15)දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු 38 හැවිරිදි කොළඹ, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර අනෙක් පුද්ගලයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා කටුනායක කෝවින්න ප්‍රදේශයේ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ වෙළෙඳ සැළක් පවත්වා ගෙන යන අතර, මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේම තාවකාලිකව නේනේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියි.

මෙම කාන්තාව අද කටුනායක 18 කණුව ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාරපාන ලබා ගෙන මෙම ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටුවක් ලබා දී ඇති අතර එම ආපනශාලා හිමිකරුවන් මේ පිළිබඳව කටුනායක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙම ජංගම දුරකථන අලුත්වැඩියාකරු ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

Related posts

රෝහණ විජේවීර ඝාතනය කර අදට අවු 30යි…   ඇසින් දුටු සාක්ෂියක් ජවිපෙ අනුරලාගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරයි (Video)

colombotoday

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේ නියෝගයෙන් තිලංගට ක්‍රිකට් පරිපාලනය තාවකාලිකව තහනම්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Admin

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ කමිටුව පිළිගන්නේ නැහැ

colombotoday

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday