Colombo Today Local News

හම්බන්තොට තෙල් පිරිපහදුව ව්‍යාපෘතියේ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසියි

හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වූ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හම්බන්තොට ඔයිල් රිෆයිනර් සමාගම අතර ගිවිසුම්ගත වීම සඳහා ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් 17 වැනිදා කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි.

එම ගිවිසුමට අනුව වසර පනහක බදු පදනම මත හම්බන්තොට ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 1200 ප්‍රමාණයක් එම සමාගමට ලබාදීම පිණිස ඉඩම් වෙන්කර තැබීමට කටයුතු කෙරුණද මේ දක්වා අදාළ සමාගම ඉඩම් ලබා ගැනීම හෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නැත.

අයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

Related posts

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

(Video) පත්තිනි දේවියට ඇද යහපාලනය ගෙනා මධූෂා ජන සටනේ !

colombotoday

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

අගමැති පත්කල 20වන සංශෝධන පිළිබඳ කමිටුවේ වාර්තාව අද කැබිනට්ටුවට ඉදිරිපත්කර නෑ

colombotoday

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

colombotoday