Colombo Today Local News

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් තවදුරටත් පවත්වා ගනිමින් ආනයන සීමා කිරීම සඳහා පනවන ලද 2023 අංක 2 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි මඟින් තාවකාලිකව ආනයනය අත්හිටුවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා කිරීම් ඉවත් කිරීමට අදාල පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාවයකට එළැඹ තිබේ.

ඒ සඳහා විධි විධාන සලසමින් 2023 අංක 11 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි 2023-7- 20 දින ඇති අංක 2341/38 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

Admin

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

ජනපති මෛත්‍රී දුරකථනයෙන් අමතා වරද නිවැරදි කිරීම ගැන ඉන්දීය අගමැති මෝදි සතුට පලකරයි..

colombotoday

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday

කුෂ් සමග තරුණයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday