Colombo Today Local News

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව පැපිලියාන සුනේත්‍රා දේවී පරිවෙණාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

පවතින ජනවරම තුළ එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව උන්වහන්සේ පෙන්වාදෙයි.

කොළඹ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මෙම අදහස් පළ කළේය.

“ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීම සඳහා මට බලය දෙන්න කියලා ජනතාවගෙන් බලය ඉල්ලන්න. එතකොට ජනතාව ඔහුට බලය දෙන්න සුදානම් නම් ඔන්න ඔහුට අයිතිය තියෙනවා එය ක්‍රියාත්මක කරන්න එතෙක් කිසිදු අයිතියක් මේ ජනවරම තුළ නෑ කියන එක අපි මතක් කරන්න ඕනේ. මේකේ ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඔක්කෝම මේ රට හදන්න ගෝඨාභය ජනාධිපතිවරයා ට සහය දෙන්න කියලා අපි කියලා පත්කරපු මිනිස්සු. තාමත් අපේ රටේ සමහර හාමුදුරුවරු කුඩු කෑවා වගේ නිහඬව මේ ව්‍යවසනය ඉදිරියේ බලාසිටීම අපිට කොහෙත්ම අනුමත කරන්න බෑ.”

Related posts

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday

කොරෝනා වසංගතයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට

colombotoday

භික්ෂූන් මර්ධනය කර නෝර්වේ සැලසුමට අනුව රට ෆෙඩරල් කිරීමට ආණ්ඩුව සැරසෙනවා – ගම්මන්පිල

colombotoday

හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයි

Admin

ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළට

Admin