Colombo Today Sports News

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබේ.

Related posts

පක්ෂය එපා කියද්දී රතන හිමි වරාය නගර පනතට ඡන්දය දී ඇත්තේ කුමන්ත්‍රණයකට

colombotoday

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑ

colombotoday

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday