Colombo Today Local News

“මේ ආණ්ඩුව ආනිසා ප්‍රජාතන්ත්‍රවාදය තියනවා.. දැන් අපට ඕන දේ කරන්න පුළුවන්“ – විග්නේෂ්වරන්

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් පෑදී ඇති බවත්, ඒ තුළ පසුගිය රාජපක්ෂ පාලන සමයේ තම අදහස් ප්‍රකාශ කිරීමට හා ක්‍රියාකාරකම්වල නොලැබුණු නිදහසක් දැන් ලැබී ඇති බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනය සහ – බ්‍රිතාන්‍යයේ කිංග්ස්ටන් නගර සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍යයේදී එක්වෙමිනි.

“මේ ආණ්ඩුව ආවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය හන්දා අපට කියන්න පුළුවන් කමක් තියෙනවා,” යැයි කී මහඇමතිවරයා එළුග තමිල් රැළිය පැවැත්වූයේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම හමුදාව උතුරු පළාතෙන් ඉවත් කරන ලෙසට වන තම ඉල්ලීම සදහා සහය දෙන ලෙසද විග්නේෂ්වරන් තානාපති අංශවලින් සහ බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

එමෙන්ම යාපනය සහ කිංග්ස්ටන් දෙනුවර අතර අවබෝධතා ගිවිසුමට තමන් එළඹියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය මත බවද විග්නේෂ්වරන් මහඇමතිවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

Admin

ඖෂධීය කංසා ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න නීති හදා අවසන්

colombotoday

ගිවිසුමෙන් පසු ඉන්දියාවෙන් ලංකාවට මිනිස් මළ වලින් තැනූ පෙත්තක් ගෙන්වන්න සූදානම්

colombotoday

ගෑස් භාවිතය ඉහළ යෑම පිපිරීම් වැඩි වීමට හේතුවයි – වාසුදේව ඇමති කියයි

colombotoday

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin