Colombo Today Local News

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මේ වන විට ගබඩා විවෘත කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

වී මිල දී ගැනීම සඳහා ගොවි භාරකාර අරමුදලෙන් සියයට අටක පොලියක් යටතේ රුපියල් මිලියන 500ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කළ අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතුව ඇතැයි ද වී අලෙවි මණ්ඩලය ලාභ උපයා පෙන්විය යුතු යැයිද අමරවීර මහතා පැවසීය.

පසුගිය වසර ගණනාවක් තිස්සේ වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක මුදලක් ගෙවීමට තිබේ.

Related posts

අද ඩොලරයේ මිල

colombotoday

ලංකා සතොස නව සභාපතිවරයෙක්

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වෙනුවෙන් යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

colombotoday

ඇමති වසන්ත සේනානායක ස්වාධීන වෙයි…

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

colombotoday