Colombo Today Local News

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය කියයි.

මෙම රෝහලෙන් අයවියයුතු රුපියල් කෝටි හතක පමණ වන හිඟ විදුලිබිල නිසා එම තීරණය ගත් බව විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කරයි.

හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ මෙසේ විදුලිය විසන්ධිකර ඇතිබව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

මේ තත්වය යටතේ ඉදිරියේදී රෝහලේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවිමට ඉඩ ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කර සිටි.

Related posts

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

colombotoday

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

වැලන්ටයින් දවසේ ලංකාවේ 21ට අඩු තරුණියන් 9400කට අඬන්න වෙන හේතුව මෙන්න

colombotoday

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

මැති ඇමති 30කගේ වැඩ කිඩ බැදුම්කර වාර්තාවෙන් එළියට

colombotoday