Colombo Today Local News

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

අපොස උසස් පෙළ විභාගය මේ වසර අවසාන්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාලිමේන්තුවේදී අද (7)දින පැවසීය.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදී පවත්වන බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් අදියරට පැමිණ තිබෙනවා. එය අවසන්වූ වහාම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනවා. විභාග දෙපාර්තමේන්තුව ඒ කටයුතු සූදානම් කරනවා.

Related posts

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

Admin

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday